අද මම කතා කරන්නේ ආණ්ඩු පැත්තෙ ඉඳලා නෙමෙයි – ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ කතාව

Sarath Fonseka

රටේ ආරක්‍ෂාව පිළිබඳ සහ පසුගියදා ස්ථාන 8 ක සිදුවූ පිපිරවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මේ වනවිට සංවාද කෙරෙනවා.

ඒ, පාර්ලිමේන්තුවට ඊයේ (23) ඉදිරිපත් කෙරුණු හදිසි නීති රෙගුලාසි පිළිබද අද පැවැත්වෙන විවාදයේදීයි.

විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ රට යළිත් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

එහිදී “කථානායකතුමනි විනාඩි 15 ඇති හමුදාවේ සාජන්ට්වරයෙකුට මේ ගැන කතා කරන්න. අපේ රටේ සිදුවූ විශාලම ඛේදවාචකයකට දවස් කිහිපයකට කලින් අපි මුහුණ දුන්නා. වසර 32ක යුද්ධය කාලයේ වුණත් එක දවසකින් එක එක වෙලාවකට ඔය වගේ විශාල ඛේදවාචකයක් සිදුවුණේ නෑ. අද මම කතා කරන්නේ ආණ්ඩු පැත්තෙ ඉඳලා නෙමෙයි රටේ පැත්තෙ ඉඳලා. රට මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නම අපිට වේදනාවක් තියෙනවා. මෙතනදි ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයින් ආරක්ෂා කිරීම අදාළ නෑ. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට මේ තත්ත්වයට එන්න විශාල කාලයක් ගියා.. මේක භයානක තත්ත්වයක්.” යනුවෙන් සඳහන් කළා.

තමන්ගෙන් නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට ආණ්ඩුව අපොහොසත් වූ බවද ෆීල්ඞ් මර්ෂල් සරත් ෆොන්සේකා මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මෙම අදහස් දැක්වීම පාර්ලිමේන්තුවේදී අද (24) විශේෂ අවධානයක් යොමු වුණා.