ඉස්ලාම් අන්තවාදය මැඬලීම සදහා ජනපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය පවසයි

Gotabhaya Rajapaksha

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදය මැඬලීමටත්, මෙරට බුද්ධි අංශ යළි ගොඩනැංවීමටත්, පුරවැසියන් අවදානමට සූදානම් කිරීමටත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. 

වත්මන් රජය බුද්ධි අංශ දුර්වල නොකළේ නම්, පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට හැකියාවක් තිබූ බවත් එතුමා පවසා සිටියා.

රොයිටර් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවේදී අන්තවාදී සංවිධාන වර්ධනය වීම වැළැක්වීමට ගත යුතු පියවර පැහැදිලි කළ ඔහු තමා ජනාධිපතිවරණය සඳහා සියයට සියයක්ම සුදුසු අපේක්ෂකයෙකු බව අවධාරණය කළා.