බෝම්බ නිපදවීමට යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමන්තුරෙන් හමුවෙයි

Samanthure

පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒකාබද්ධව අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ සෙන්නල් ග්‍රාමයේ කල සෝදිසි මෙහෙයුමකදී නිවසක තිබී බෝම්බ නිපදවීමට යොදාගන්නා බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. තවද එහි තිබි ත්‍රස්තවාදීන් බාවිතා කළ ඔවුන්ගේ ලංජනය සඳහන් කොඩියක්ද හමු වී තිබේ.

මේ ගැන තොරතුරු ලැබී තිබුනේ බුද්ධි අංශ මගිනුයි. 

අදාල නිවසේ කොටසක් කිසියම් පිරිසක් විසින් කුලී පදනම මත ලබාගෙන සිට ඇති අතර, ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ පසුගිය ඉරිදා සිට ඔවුන් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.