බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප මුදා හරී

Bomb Suspect

Update: පොලීසියෙන් නිවැරදි කිරීමක්

පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සැකකරුවන් හා සැකකරින්ගේ ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අතර පිරිමි තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටියි.

ඔවුන්ගේ නම් වන්නේ,

  • මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්
  • ෆාතිමා ලතීෆා
  • මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්
  • පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා
  • අබ්දුල් කාදර් ෆාතිමා කාදිය 
  • මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන්

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පහත් සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක වන්නේ 071-859 1771, 011-2 422 176 , 011-2 395 605.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට අද නිකුත්කළ ඡායාරූප පෙළ පහතින් දැක්වෙයි.


Bomb Suspect (2)
Bomb Suspect (1)