මස්කෙලියේ වතු යායකින් සන්නිවේදන උපකරණ තොගයක් හමුවේ

Maskeliya

මස්කෙලිය ප්‍රදේශයේ වතුයායක සිදුකළ වැටලීමකදී සන්නිවේදන උපකරණ රැසක් සහ ඊට අදාළ උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ද සමඟ පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදියි ඊයේ (26) පස්වරුවේ මෙම උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය ප්‍රකාශ කළේ එහිදී වෝකිටෝකි උපකරණ 04ක් ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සොයා ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මකයි.