කොච්චිකඩේ, කටුවපිටිය සහ කොළඹ සිදුවූ පිපිරිම්

https://www.cybersrilanka.com/wp-content/uploads/2019/04/Bomb-Attack-1.jpg

කොච්චිකඩේ, කටුවපිටිය සහ කොළඹ සිදුවූ පිපිරිම්වලින් ජාතික රෝහලේ දත්තවලට අනුව 28 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තාවනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් සඳහන් කළේ 280 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
තවදුරටත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන එමින් සිටින බවයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මතුව ඇති තත්ත්වයත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව මේ වනවිට තරකර තිබෙනවා.
ගුවන් තොටුපල වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු මේ වනවිට ගුවන් තොටුපල වෙත ඇතුලූ කර නොගන්නා බවයි.

මේ අතර පිපිරීම සිදුවූ කොච්චිකඩේ පල්ලිය වෙත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද මේ වනවිට පැමිණ සිටිනවා.අද සිදුවූ පිපිරීම්වලින් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කළ තුවාකරුවන් සඳහා රුධිරය අවශ්‍ය වී තිබෙනවා. එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රුධිර පරිත්‍යාශීලීන්ට කඩිනමින් ඉදිරිපත් වන ලෙසයි.

Bomb Attack (1)Bomb Attack (7)Bomb Attack (6)

Bomb Attack (5)Bomb Attack (4)Bomb Attack (3)Bomb Attack (2)