සවුදියේ දී මියගිය කාන්තාවගේ සිරුර වෙනුවට ඉන්දීය ජාතිකයෙක්ගේ සිරුරක් ලංකාවට

Lanka Lady Dead Body Msplace

2015 දෙසැම්බර් 15 වෙනිදා ගෘහ සේවිකාවක් ලෙස සවුදි අරාබියට පිටත්ව යන මාවනැල්ල මාලියද්ද ප්‍රදේශයේ බණ්ඩාරමැණිකේ සවුදි අරාබියේ සේවය කරමින් සිටියේදී මියගොස් ඇති අතර ඇයගේ දේහය වෙනුවට ඉන්දීය ජාතිකයෙකුගේ දේහයක් මෙරටට ඒවා ඇත.

පසුගිය පෙබරවාරි 12 වනදා පවුලේ අය අමතා බණ්ඩාර මැණිකේ පවසා ඇත්තේ තමා රෝගී තත්වයකින් පසුවන බවයි. එහෙත් පසුගිය 15 වෙනිදා බණ්ඩාර මැණිකේගේ පවුලේ ඥාතීන්ට වෙනත් කෙනෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබේ. එයින් පසු නැවත දුරකතන පණිවිඩයක් මගින් පවසා ඇත්තේ බණ්ඩාර මැණිකේගේ දේහය ලංකාවට එවන බවය.

ඒ අනුව පවුලේ ඥාතීන් ඊයේ (21) පස්වරුවේ දේහය භාරගත් නමුත් ඔවුන්ට ලැබී ඇත්තේ ඉන්දීය ජාතිකයෙකුගේ දේහයකි.

එමෙන්ම ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලංකාවෙහි කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් විදෙස් මාධ්‍ය ඊයේ (21) දිනයේ දී වාර්තා කර තිබිණි.

කෙසේ හෝ බණ්ඩාරමැණිකේ ගේ ඥාතීන් විසින් පවසනු ලබන්නේ බණ්ඩාරමැණිකේ ගේ මරණය සැක සහිත බවයි.