දිවයින පුරා විශ්වවිද්‍යාල සහ දිවයිනේ සියලු පාසල් වසා දැමේ

නැවත දැනුම්දෙන තුරු දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල කටයුතු නතර කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

මේ වනවිටත් නේවාසිකාගාර තුළ රැදී සිටින සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධව පියවර ගෙන ඇති බවද එම කොමිසම පවසයි.

එසේම හෙට සහ අනිද්දා දිනයන්හි දිවයිනේ සියළුම පාසල් වසා තැබීමට නියමිතය.

පැවැත්වීමට නියමිතව තිබූ විද්‍යාපීඨ විභාග ද අවලංගු කර ඇති බව අපේක්ෂකයන්ට දන්වා සිටියි.

මේ අතර 2019 වසරේ දෙවන පාසල් වාරය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට රටේ මතුව ඇති හදිසි තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භය කල් දමා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ හෙට (22) සහ අනිද්දා (23) දිවයිනේ පාසල් වසා තැබීමට තීරණය කර ඇති බවයි.