කල්මුණේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී ළමුන් 6කගේ ඇතුළු මළ සිරුරු 15ක්

Army In Kalmune

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ.

පිපිරීම සිදුවු බවට සැක කරන නිවස තුළ තිබී පිරිමි මළ සිරුරු 3ක්, කාන්තා මළ සිරුරු 3ක්, හා කුඩා දරුවන්ගේ මළ සිරුරු 6ක් හමු වී තිබේ.

නිවසින් පිටත ප්‍රදේශයේ තිබී තවත් පිරිමි මළ සිරුරු 3ක් ‍සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

තුවාල ලැබු තවත් කුඩා දරුවෙක් හා කාන්තාවක් නිවසින් පිටත සිටි අතර ඔවුන්ව රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

මේවා මරාගෙන මැරෙන බෝමබකරුවන්ගේ මළසිරුරු බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටී.