අනුරාධපුරයේ පාසලක් ඉදිරිපිට අත්බෝම්බයක්

අනුරාධපුර රඹෑව ගෝනෑව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට මාර්ගයක තිබී අත්බෝම්බයක් සොයාගෙන ඇත. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (23)  සිදුකළ පරීක්ෂණයකදියි මේ අත් බෝම්බය සොයාගෙන තියෙනවා. 

පොලීසිය සඳහන් කළේ මේ වනවිට එම බෝම්බය නිශ්ක්‍රිය කිරිම සඳහා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් දැනුම්වත් කර ඇති බවයි.