ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට?

Fonseka

පවතින තත්ත්වය හමුවේ තමාට ආරක්ෂක අමාත්‍යධුරය ලබාදීමට කැබිනට් මණ්ඩලයේ කථාබහක් මතුව ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පවසන්නේ යම් ක්ෂේත්‍රවල ප්‍රවිනයන් සිටියදී එම කටයුතු ඔවුන්ට බාරනොදීම මඟින් සිදු වන්නේ එම ක්ෂේත්‍රය පරිහානියට පත්විම බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.