ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර හට සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කලේ ජනාධිපති විසින් මෙම ඉල්ලීම අද දින සිදුකර ඇති බවයි.
ඊයේ (23) දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි පැය 24 තුල රටේ ආරක්ෂක අංශයන්හි මුල් පුටුවල වෙනසක් කිරීමට තමා බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ඉදිරි සතියක කාලය තුල දී ආරක්ෂක අංශවල ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට කටයුතු කරනු ලබන බවට ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී සිටියා