Update : හදිසි පරීක්ෂාවෙන් පසු කටුනායක ගුවන් තොටුපල පිවිසුම් මාර්ගය යළි විවෘත කර තිබෙනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මෙලෙස මාර්ග තාවකාලිකව වසා දමා ඇත.
අදාළ මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ධාවනය වෙමින් තිබියදී ආරක්ෂක අංශ විසින් එය නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදු කරයි.