කොළඹ නගරය තුළ හදිසි සෝදිසි මෙහෙයුමක්

Colombo Town

සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කිරීම සදහා කොළඹ නගරය තුළ මාර්ග බාදක යොදා ඇති බව පොලිසිය පවසයි.

සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කොළඹ නගරයේ කිසිදු මාර්ගයක් වසා නොමැති බවද, ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් පොලීසිය සඳහන් කරයි.

අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසට ද පොලිසිය ජනතාවට දන්වා සිටී.