හෙට පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වෙයි.
රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (25) කැඳවා තිබේ.
මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් පවසා ඇත.