මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ අබුබකර් මෙහොමඩ් බදුර්දීන් නමැති සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.
මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අබුබකර් මොහොමඩ් බදූර්දීන් නැමැත්තා ඊයේ(24) අලුයම දිවයිනට පැමිණියේය.
ඉන් පසුව ඔහු ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාරයට ගනු ලැබීය.
ප්රශ්න කිරිම්වලින් අනාවරණය වී ඇත්තේ අදාල සැකකරු මාකඳුරේ මදූෂ් සහ කංජිපානී ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ දැඩි සබඳතා පවත්වා ඇති බවයි.
දීර්ඝ ප්රශ්න කිරීම්වලින් පසුව ඊයේ පස්වරුවේ අබුබකර් මොහොමඩ් බදූර්දීන් වැඩිදුර පරික්ෂණ සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
ඒ අනුව ඩුබායි හිදි අත්අඩංගුවට පත් 31 දෙනාගෙන් මාකඳුරේ මදූෂ් හැර සෙසු තිස් දෙනා මේ වන විට මෙරටට පිටුවහල් කර අවසන්.