පොලීසියෙන් නිවැරදි කිරීමක්

Police Correction (2)

ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය පසුගිය පාස්කු ඉරිදා දින සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාලව පුද්ගලයින් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් ඊයේ දිනයේ (25) නිකුත් කළේය.

ඒ අනුව මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, අබ්දුල් කාදර් ෆාතීමා කාදීයා, මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සහරා යන පුද්ගලයින් හඳුනාගෙන තිබේ.

එහෙත් මෙහි අබ්දුල් කාදර් ෆාතීමා කාදියා නැමැත්තියගේ බවට පොලීසිය පෙර නිකුත් කළ ඡායාරූපය ඇගේ නොවන බවත් පොලීසියට සැබෑ ලෙසම අවශ්‍යව ඇත්තේ අබ්දුල් කාදර් ෆාතීමා කාදියා නැමැති සැකකාරිය බවත් අද(25) පස්වරුවේ පොලීසිය යළි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ දුරකථන අංක 071-859 1771 යන අංකය 011-2422176 යන අංකය හෝ 011-2395605 යන අංකය අමතා තොරතුරු දැනුම් දිය හැකියි.