ලොව උසම තැනින් මිය ගිය ලාංකීකයන්ට ගෞරවය

Burj Khalifa

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ලාංකික ජනතාවට ගෞරව දැක්වීම පිණිස ඩුබායි හි සංඛේතයක් මෙන්ම ලොව උසින් වැඩිම ගොඩනැඟිල්ල ලෙසින්ද සඳහන් වන බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල ඊයේ (25) ශ්‍රී ලංකා ධජයෙන් සරසා තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම නගරය වන ඩුබායි හි පිහිටා ඇති බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල මීටර් 828ක් උසින් යුතු වේ.