වඩමාරච්චි ප්‍රදේශයෙන් බෝම්බ තොගයක් හමුවෙයි

Wadamarachchi Bomb

යාපනය – වඩමාරච්චි නැගෙනහිර අම්බාල් ප්‍රදේශයේ වල දමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

නව නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් නිවසක් සකස් කිරීමට ගෙබිම සකස් කිරීමේදී ප්ලාස්ටික් බැරලයක තුළ පැවති අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක ගෙහිමියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ පුපුරණ ද්‍රව්‍ය ‍‍සොයාගෙන ඇත.

පුපුරණ ද්‍රව්‍ය බහාලු කොපු නමයක් හා අදාළ පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැරීමට යොදාගන්නා වයර්,ෆියුස් ඇතුළු උපකරණ තොගයක් එලෙස සොයාගත් බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ යුධ සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සඟවා ගිය පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස පැවති බවට සැක පළ කරන බවයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු සඳහක් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.