අත්බෝම්බ 21ක් සමඟ තිදෙනෙක් මෝදර දී අත්අඩංගුවට

Arrested

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (25) දහවල් මෝදර පොලිස් වසමේ මුතුවැල්ල මාර්ගයේ දී සිදුකළ වැටලීමකින් වෑන් රථයක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත අඩු බලයක් සහිත අත්බෝම්බ 21ක් සහ කඩු 6ක් පොලීසිය සොයාගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.