මෙවර අපොස සාමන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවෙක් අභිරහස් ලෙස මියයයි

A Student Mysteriously Dies

දින පහක් තිස්සේ අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔහුගේ නිවස අසල පිහිටි සිදු කළ සෝදිසි කිරීමකදීයි මළ සිරුර හමුව ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය, මාපකන්ද ප්‍රදේශයෙන් පදිංචි 17 හැවිරිදි සිසුවෙක්.

මෙවර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි මෙම සිසුවා දින පහක් පුරා අතුරුදහන් වීම හේතුවෙන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් ඔහු සොයා
එම ප්‍රදේශයේ පුරා මෙහෙයුමක් ආරම්භ කළා.

එහිදී සිසුවාගේ නිවස ඉහලින් පිහිටා ඇති ගල් ගුහාවක තිබි අභිරහස් ලෙස මිය ගොස් සිටි ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය මුලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

A Student Mysteriously Dies (1)

A Student Mysteriously Dies (3)

A Student Mysteriously Dies (2)