කාන්තාවට ලිංගික අවයව පෙන්නන්න හදපු ත්‍රීරෝද රථ රියදුරා

Bambalapitiya 3Weel Case

බම්බලපිටිය ප්‍රදේශයේදී කාන්තාවකට තම ලිංගික අවයව පෙන්වීමට උත්සහාකල ත්‍රී රෝද රථ රියදුරෙක්ට ලබාදුන් අමතක නොවන පාඩමක් ගැන සදහන් වෙනවා. ගාලු පාරේ ආලෝක සංඥා පුවරුවක් අසලදී ත්‍රිරෝද රථ රියදුරෙකු තමන්ට ඇගිල්ල දිගු කරමින් අවධානය දිනාගැනීමට උත්සහා කල බවත් තමන්ගේ දුරකථනය ඉල්ලු බවත්, එයින් නොනැවතුන මේ ත්‍රිරෝද රථ රියදුරු තමාගේ ලිංගික අවයව පෙන්වීමට උත්සහා කල බවත් මේ සිද්දියට මුහුණදුන් කාන්තාව වීඩියෝවක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකරමින් සදහන් කර සිටිනවා. දිගින් දිගටම සිදුවන මේ හිංසනය දරාගත නොහැකිව තමන්ගේ දුරකතනයෙන් එය වීඩියෝ කර අන්තර්ජානයට මුදාහල බවයි මේ හිංසනයට ලක්වූ කාන්තාව පවසන්නේ. කෙසේවෙතත් මේ රියදුරා හදුනාගැනීමට හැකි ආකාරයේ තොරතුරු ලැබී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, ඒ සදහා මේ සිද්ධියට මුහුණදුන් කාන්තාවගේ සහයෝගය අවශ්‍ය බවත් අද දින (17) පොලිසිය ප්‍රකාශ කළා.