මෙතෙක් කලක් නොයෙක් ආකාරයෙන් අත්අඩංගුවට ගත හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 750 ට වැඩි ප්‍රමාණයක් අප්‍රේල් 01 වැනිදා විනාශ කිරීමට නියමිත බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා ඊයේ (25) පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම මත්ද්‍රව්‍ය පුත්තලමේ ජනශුන්‍ය ප්‍රදේශයක පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවකදී සෙල්සියස් අංශක 1000කට වැඩි උෂ්ණත්වයක් යටතේ පුළුස්සා විනාශ කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා ද වැඩිදුරටත් පැවසීය.