සැකකටයුතු කැබ් රථයක් පිළියන්දල ප්‍රදේශයේ සැරිසරන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව එම අංශයේ නිලධාරින් පිළියන්දලට පැමිණ සැකකටයුතු කැබ් රථයට නවතන ලෙස සංඥා කලද පොලිස් අණ නොතකා එය නුගේගොඩ දෙසට ධාවන කර ඇත. පොලිස් නිලධාරින් ඒ පසුපස හඹා ගොස් කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා හසුකරගන්නා විටත් ඔහු වහාන තිහකට අධික ප්‍රමාණයක් අනතුරට ලක් කර අවසන්ය. සෝදිසිකිරීම් වලදී කැබ් එකෙහි තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා සොයා ගැනීමට හැකිවී තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් තුන්දහස් හතළිහක් හා කේරළ ගංජා මිලිග්‍රෑම් එක් දහස් තිස් හතක් සොයා ගත් බව පොලිසිය කියයි.
අයිස් හා කේරළ ගංජා වලට ඇබ්බැහි වී සිටි මොහු ඒවා විකිණූ බවද විමර්ශන වලදී අනාවරණය වී ඇත. 23 හැවිරිදි මොහු කොළඹ 05 ටොරින්ටන් මාවත පදිංචිකරුවෙකි. සැකකරු කැස්බෑව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.