Pick Me කාර්යාලය වසා දමයි ?

Pick Me Office closes

Pick Me Office Closes

Pick Me යනු ටැක්සි සේවයට සමාන සේවයක් වන මින් සිදු කරන්නේ ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා පුද්ගලයන්ට Taxi ලබා දීමයි.

ඉතින් මේ Pick Me ආයතනයට සම්බන්ධව මේ දිනවල විරෝධතා රැසක් Pick Me ආයතනයෙහි ලියාපදිංචි රියදුරන්ගෙන් එල්ලවෙමින් පවතිනවා. එම විරෝධතා වලට හේතුව වන්නේ පාරිභෝගිකයාට විවිධ මිල ගණන් වලට හයර් ලබා දීම, එක් එක් අයට අඩු මුදලකට මෙන්ම වැඩි මිලගණන් යටතේ ගමන් ගාස්තු ලබා ගනිමින් පාරිභෝගිකයා සූරාකෑමත්, අනෙක් අතින් රියදුරාට කොමිස් මුදල්, බදු මුදල් සහා දෛනික මුදල් වශයෙන් විවිද ආකාරයන්ට මුදල් Pick Me ආයතනය විසින් ගසාකෑමත් යන හේතුන්ය.

මෙලෙස පවසමින් Pick Me ලියාපදිංචි වී ඇති රියදුරන් විශාල ප්‍රමාණයක් Pick Me ආයතනය ඉදිරියේ විරෝධතා කලද, එම ආයතනය මේ වන විටත් මේ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවත් රියදුරන් පවසනවා. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ රියදුරා හා මගියා අතර ඍජු සම්බන්ධතා පවත්වා ගනිමින් වැඩ කල හැකි සේවාවක් සලසා දෙන ලෙසටයි.

මේ ප්‍රශ්ණය දිගින් දිගටම පවතින බැවින් Pick Me ආයතනය වසා දැමීමට සිදුවේවිදැයි බොහෝදෙනා ප්‍රශ්ණ කරයි.