දෙවන වාරයේ පාසල් ආරම්භ කිරීම 29 වන සඳුදා දින දක්වා කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා ඇත.
දෙවන වාරයේ පාසල් විවෘත කිරිම 22 ට නියමිතව තිබී එය 24 ට කල් තැබුවේ ආරක්ෂක හේතු මතය. පවතින වාතාවරණය මත නැවතත් එම දිනය 29 වන සඳුදා දක්වා කල් දමා ඇති අතර මෙය රජයේ සියලුම පාසල් සදහා වලංගු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
