බෝම්බ පුපුරවයි සැක සිතූ වෑන් එකයි බයික් එකයි අල්ලයි

Van and Bike

පොලිස්පතිවරයා විසින් ඊයේ (23) දැනුම් දුන් සැක සහිත වහාන අතරින් වෑන් රථයක් සහ යතුරු පැදියක් වරකාපොල ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිවසක තිබියදී සොයාගෙන ඇත. 

මෙම වෑන් රථය කුළී පදනම මත ලබාදෙන්නක් වූ අතර හෙම්මාතගම මවුලවිවරයෙකු විසින් කරන ලද වෙන් කිරීමකට අනුව ඩුබායිහි සිට පැමිණි සංචාරකයන් පිරිසක් ඉකුත් සති දෙකක පමණ කාලයක් තිස්සේ මෙය භාවිත කර ඇත. කෙසේ නමුත් සැකසිතු ආකාරයට පුපුරණ ද්‍රව්‍ය මෙම වාහන සමග හසුව නැත.

මේ වන විට මෙම වාහන දෙක පොලිසිය භාරයේ පවතින අතර රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.